2023 ජනවාරි 31, පෙ.ව. 5:00
ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන ගාලුපාරට මුහුණලා පිහිටි ගොඩනැගිල්ලක ආයුර්වේද මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකරු හා කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට පත් කළමනාකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (29)ක් ද වන අතර, කාන්තාවන් කෝපායි හා පයාගල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23 – 32ක් ද වන බවත්, මොවුන් තම නිවාසවලට කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික අංශයේ ඉහල රැකියා කරන බව පවසා මෙහි පැමිණ ගණිකා වෘත්තියේ යෙදී විශාල මුදල් සොයා නිවාසවලට යවමින් සිට ඇති බවට හෙලිවී ඇතැයි ද පොලිසිය කියයි.
මෙහි ආයුර්වේද සම්භාහනයට කියා රුපියල් 3000ක මුදලක් ගෙවා ඇතුළුවී කාන්තාවන් රුපියල් 10,000 වැනි මිල ගණන්වලට ලබා ගත හැකි බැවින් ඉහල පෙලේ ව්‍යාපාරිකයින්, ඇතුළු ප්‍රභූවරුන් පැමිණ ඇති බවටත් මූලික විමර්ශනවල දී හෙලිවී ඇතැයි ද පොලිසිය පැවසුවා.
පොලිසිය වෙත ලද තොරතුරකට අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රුපියල් 3000 ක මුදලක් ගෙවා පොලිස් උපාය දූතයෙකු යොමුකර මෙම වැටලීම සිදුකර ඇති බවත් පොලිසිය පැවසුවා.
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26