hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 03, පෙ.ව. 12:04



විශිෂ්ටතම රංගන ශිල්පිනියක් විදිහට සම්මානයෙන් පවා පිදුම් ලබපු කලාව තුළ සිනමාව තුළ අතීතීය චරිත රැසක් නිරූපණය කරපු ආදරණීය කලාකාරිනියක් තමයි වෝල්ගා කල්පනී කියන්නේ.තවමත් සම්මාන වලට හිමිකම් කියන ඇය පුංචි තිරයත් එක්ක වැඩිපුර ගනුදෙනු කරන රංගන ශිල්පිනියක්.

බොහෝ දෙනෙක් දන්නා පරිදි වෝල්ගා කියන්නේ තමන්ගේ පළවෙනි විවාහයෙන් වෙන් වෙලා තනිකඩව ජීවත් වන කෙනෙක්. ඇය විවිධ අවස්ථාවන්වලදී සඳහන් කරලා තිබ්බ නැවත විවාහයක් ගැන හිතන්නේ නැහැ කියන දේ.

නමුත් ඇය දරුවෙක්ට ආසයි ඒ නිසා ඇය දරුවෙක් ගැන හිතන්න ආසයි කියන දේත් කියලා තිබ්බා.කොහොම නමුත් ආදරේ ගැන කලකිරිලා හිටපු වෝල්ගා දැනටමත් පෙම්වතියක් වෙලා කියලා තමයි ආරංචි වෙන්නේ.ඇය සදහන් කරන ආකාරයට ඇයට වඩා ඇයගේ පෙම්වතා වත් පොහොසත්කම් වලින් ඉහළ ඉන්න පුද්ගලයෙක්.ඒ වගේම වෝල්ගා ඔහුත් එක්ක ලිවින්ටුගෙදර්   ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ නිසාම ඒ ජීවිතය ගැන ඇය ලබපු අත්දැකීමක් පසුගිය දවසක මෙන්න මේ විදිහට සඳහන් කරලා තිබුණා.

“ලිවින්ටු ගෙදර් ජීවිතේ හොඳයි කැමති කෙනෙකුට එහෙම ජීවත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. මම පුද්ගලික ව කැමතියි. ඒකට මම විරුද්ධ නැහැ, තව කෙනෙක් ගැන මට කියන්න බැහැ. ඒ වගේම කියන්න ඕන ලිවින්ටු ගෙදර් ජීවීතේ වගකිම් රහිතයි. ඒක මාර ජීවිතයක් කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක මාර නැහැ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් ඒක බොරුවක්. විවාහ ජීවිතේ වගේම වගකීම් ගොඩක් එක්ක තව කෙනෙක් සමඟ ජීවිතේ බෙදා ගැනීමක් කරන්නේ. බිරිඳගේ වගකීම් සියල්ල ඉටු කරන්න ඕන. මමත් ඒ වගකීම් ඉටු කරමින් සතුටින් ජීවත් වෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: