hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 12, ප.ව. 11:07



මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තු ලබා දුන් පළමු පුද්ගලයා ක්ලබ් වසන්ත වීම හේතුවෙන් ඔහුව ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් ප්‍රකාශ ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මධූෂ් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ද ඝාතනය කර බවට ඔහු තර්ජනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

මේ අතර මිය ගිය ක්ලබ් වසන්ත‌ගේ දේහය මේ වනවිට බොරැල්ල මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඒ, එය තැන්පත් නොකර ලෙසට අඛණ්ඩව තර්ජනාත්මක ඇමතුම් ලැබෙමින් ඇති පසුබිමකයි.

පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගොස් සිටිය දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඉන් අනතුරුව වසන්ත‌ගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ (12) බොරැල්ල පිහිටා ඇති පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තබන බවට ප්‍රකාශ වීමත් සමඟ පසුගිය 10 වැනිදා රාත්‍රියේ තමන් කංජිපානි ඉම්රාන් යැයි හඳුන්වාදුන් පුද්ගලයෙකු විසින් තර්ජනාත්මක ඇමතුමක් ලැබුණු බවයි, එහි හිමිකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ.

ඒ හේතුවෙන් බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කළ අතර මල්ශාලාව අසල ආරක්ෂාවද තර කළ බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: