hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 23, පෙ.ව. 5:41



තමන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූපය පිළිබදව අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් පළ කර සිටියා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොහෝ දෙනෙකු සඳහන් කළේ වසන්ත මුදලිගේ ෂැංග්‍රිලා හෝටලයේ ආහාර ගනිමින් සතුටු වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසන්ත මෙසේ සඳහන් කළා,

“අපට විවිධ මඩ ගහනවා ඇඟිල්ල දික් කරන අයට අප කරන්නෙ, සද්දෙට හිනා වෙන එක තමයි. දැං ඒක බොරු ප්‍රචාර ගොඩක් කරල අපට ඇඟිල්ල දික්කරන අයගෙන් අහන්ඩ ඕන දැන් මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන අයට අවලාද නඟනවා වෙනුවට ආණ්ඩුවේ අයට රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන කමක් නැද්ද කියලා. රටේ ප්‍රශ්න කතා කරන අයගේ ප්‍රශ්නෙ ගැන නැතිව ඒ අයට අවලාද නගන එක තමයි වෙලා තියෙන්නෙ. පොටෝ එකක් පෙන්නුව කියලා මඩ වදින්නෙත් නැහැ. ෂැංග්‍රිලා එකට අපි ගිහිනුත් නැතිව ඒකෙ නම දාලා පොටෝ ප්‍රසිද්ධ කරන අය අපේ අභියෝග පිළිගන්නේ නැතිව වෙන දේවල් කරන බව තමා පේන්නේ.”

ඇත්තටම ඔබ එහි ගියාද?

“අපි යන්නැතිව ගහපු මඩක් ඕක. එහෙම අවශ්‍යතාවක් තියනව නං ෂැංග්‍රිලා නෙමෙයි ඕන තැනකට යන්න මට පුලුවන් ඒකෙ වරදකුත් නැහැ.ඒක මගේ පුද්ගලිකත්වය”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: