hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 20, ප.ව. 2:58


ඉන්දික තොටවත්තට ලැබුණු අධිකරණ තීන්දුව

ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ඇප මත මුදා හැරීමට මාලිකාගන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළා.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ ඉන්දික තොටවත්තට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුති පනත (ICCPR) යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවයි.

නමුත් මේ වන තෙක් ඊට අදාළ උපදෙස් ලැබී නොමැති බැවින් දණ්ඩනීති සංග්‍රහයේ 191 වෙනි වගන්තිය යටතේ මේ වන විට ඔහුට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඇප ලබාදීමට මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.

ඉන්දික තොටවත්ත මහතා වෙනුවෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ සුසන්ත දොඩාවත්ත යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: