hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:10



වෘත්තිකයන් රට හැර යෑම ඇතුළු බොහෝ ප්‍රශ්නවලට මෙවර අය-වැයෙන් යම් විසදුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවා.

මුදල් අමාත්‍යාංශය හා මුදල් ඇමැතිවරයා කටයුතු කරමින් සිටින්නේ රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කර තිබෙන වටපිටාවක බව අප අමතක නොකළ යුතු යැයි ද එවන් තත්ත්වයකදී යම් යම් පීඩාවන්ට ලක්වීමේ හැකියාවක් තිබෙන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවා. 

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

වෛද්‍යවරු රට හැර යන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් නිසා නොව  රටටම බලපා තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් බවත් සෞඛ්‍ය අංශ බිඳ නොවැටී ක්‍රියාත්මක කරගෙන යෑම පිණිස වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 සිට 63 දක්වා වැඩි කිරීම, කොන්ත්‍රාත් පදනම මත වෛද්‍යවරු යළි සේවයට ගැනීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් හෙතෙම අවධාරණය කළා. 

මෙවර අය-වැයත් සමඟ යම් යම් ගැටලු සම්බන්ධව එකඟතාවට පැමිණ විසදුම් සඳහා ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද ඒ මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: