hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 12:02



ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසන්නේ නීති විරෝධී මූල්‍ය ආයතන, පිරමීඩ යෝජනා ක්‍රමවල රජයේ නිලධාරින් විශාල පිරිසක් රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර ඇති බවයි.

එලෙස මුදල් ආයෝජනය කර තිබෙන පුද්ගලයන් අතර පොලිස් නිලධාරින් රැසක්ද සිටින බවයි හෙළි වී තිබෙන්නේ.

මෙසේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ රාජ්‍ය නිලධාරින් අතර විදුහල්පතිවරුන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, ගණකාධිකාරිවරුන්, අමාත්‍යාංශවල ඉහළ තනතුරු දරන නිලධාරින් ද වන සිටින බවයි එම අනාවරණයේ සඳහන් වී ඇත්තේ.

එමෙන් ම උපකාරක පන්ති ගුරුවරුන් මෙන්ම ස්වාමීන් වහන්සේලා පිරිසක්ද මේ අතර සිටින බවයි අනාවරණය වී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: