hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 2:32



කුකුළු මස් ආනයනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්තකරුවන් සමඟ අවසන් සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් අනතුරුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව‍ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු පවසන්නේ, කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 850ක මුදලකට පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකි බවත් කෙසේ හෝ කර්මාන්තකරුවන් එම සහන ජනතාවට ලබානොදෙන බවයි.

මේ අතර, කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කරන ලෙස සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් සමඟ පැවති සාකච්ඡාවක දී අද (02) සිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,250ක මිලකට අලෙවි කිරීමට එකඟතාවකට පැමිණි බවට අමාත්‍යවරයා සඳහන් කරනවා .

සාකච්ඡාවේ දී පැමිණි එකඟතා සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙලෙස අදහස් පළ කළා.

“කෘෂිකර්ම ඇමතිතුමාට අපි පොරොන්දු වුණා බඩඉරිඟු ආනයනය කරන්න දෙන්න, ඒ සඳහා අය කරන බද්ද අඩු කරලා දෙන්න කියලා. ඒ බද්ධ අඩු කරලා දුන්නා. බඩඉරිඟු ආනයන බලපත්‍ර අපි දැන් ලබාදෙමින් පවතිනවා. ඒවා ආනයනය කරනකොට තව සති දෙකක් තුනක් යයි. අපි පොරොන්දු වුණ පරිදි සම සහිත ශීත කළ කුකුළු මස් වෙළෙඳපොළේ අද වෙනකොට රුපියල් 1,250ට මේ ලංකාවේ සෑම සුපිරි වෙළෙඳ ජාලයකම සාමාන්‍ය ග්‍රොසරිවලත් ගන්න පුළුවන්. පොලී අනුපාතත් අඩු වෙලා තියෙනවා බැංකුවල. ඒ සහනයත් එක්ක අපේ නිෂ්පාදනය වැඩි වුණොන් ඒ සහනයත් අපිට තවදුරටත් කුකුළු මස් මිල අඩු කරලා දෙන්න පුළුවන් ඉල්ලුම හා සැපයුම අනුව. කුකුළු මස් නිෂ්පාදනය අඛණ්ඩව වෙමින් පවතිනවා. අපි අභියෝගය බාර ගත්තා දෙසැම්බර් වෙනකොට හිඟයක් වෙන්නේ නැතිව කුකුළු මස් වෙළෙඳපොළේ තියෙනවා. කුකුළු මස්වල හිඟයක් නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: