hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:03



විදුලි වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ආයෝජනයන් ආකර්ශන කර ගැනීමටයි.

විදුලි වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ රේගු ගාස්තු රහිත අමෙරිකානු ඩොලර් 30,000 නොඉක්මවන මුදලකට බවයි සඳහන් වන්නේ.

 විදුලි වාහන ආනයනය කිරීමට අවසර ලබා දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

පහත සඳහන් ලැබිය යුතු නිර්ණායක සපුරා තිබිය යුතු අතර, එනම්

• අදාළ සමාගම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වැනි වගන්තිය යටතේ ලියාපදිංචි වී වසර 5කට අඩු කාලයක් තුළ ක්‍රියාත්මක වී තිබිය යුතුය.

• ව්‍යාපෘතිය දීර්ඝ කිරීම සඳහා යෝජිත අවම ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 3 කි

• යෝජිත ව්‍යවසාය ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ අවම වශයෙන් රැකියා 50ක් අවම මට්ටමට නිර්මාණය කිරීම.

• ව්‍යවසායයක් විසින් නව දේශීය රැකියා අවස්ථා 50ක් උත්පාදනය කළ යුතු අතර ඉන් සේවකයින් 15 දෙනෙකු තාක්ෂණික සුදුසුකම් සපුරා තිබිය යුතුය.

• අවම ආයෝජනය එක්සත් ජනපද ඩොලර් 250,000 කි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: