hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 12:41



කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථානවල ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

අදාළ මිළ ගණන් අවම කිරීම, විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර එළැඹෙන ඔක්තෝබර් මස (01) වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එය නිකුත් කර ඇති බවයි එම අධිකාරිය නිවේදනය කරන්නේ.

පැය 24ක කාලයක් සඳහා තරු පහේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 100ක මුදලක් ද, තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 75ක මුදලක් ද, තරු තුනේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 50ක් ද, තරු දෙකේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 35ක මුදලක් ද, තරු එකේ සංචාරයක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 20ක මුදලක් ද එමගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට සේවා ගාස්තු සහ වෙනත් අදාළ බඩු සපයන ලබන වෙනත් යම් සේවාවන් හෝ පහසුකම් සඳහා ගාස්තු හෝ අය කිරීම් ඇතුළත් නොවිය යුතු වන අතර නේවාසික අමුත්තන් සඳහා වන ආහාර මිල ගණන් ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

තරු පහේ සංචාරක හෝටලයක උදෑසන ආහාරය සඳහා එක් පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 10ක් ද, දිවා ආහාරය සඳහා අමෙරිකානු ඩොලර් 15ක් ද, රාත්‍රි ආහාරය සඳහා අමෙරිකානු ඩොලර් 17ක් ද, තරු හතරේ සංචාරක හෝටලයක් සඳහා උදෑසන ආහාරයට අමෙරිකානු ඩොලර් 9ක් ද, දිවා ආහාරයට අමෙරිකානු ඩොලර් 14ක් ද, රාත්‍රි ආහාරයට අමෙරිකානු ඩොලර් 16ක් ද වශයෙන් මෙලෙස මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: