hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:07



ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා.

දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්තිය, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ තරුණ නිපුණතා සංවර්ධනය වැනි ක්ෂේත්‍ර රැසකට ජපානය නිරතුරුව ශ්‍රී ලංකාවට සහය ලබාදී ඇති බවයි.

නිල සංවර්ධන සහය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නකානිෂි යුසුකේ ප්‍රකාශ කළේ ජපානය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු වන අතර කඩිනම් සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර ලබාදෙන බවයි.

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇති හැකියාව ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ ජපානයට තරුණ නිපුණතා සංවර්ධන සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සහය විය හැකි බවයි.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වශයෙන් ජපන් භාෂාව හදාරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: