hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:02



නීතිවිරෝධී ලෙස මෙරට ගෙන්වා අවස්ථා කිහිපයකදී රේගු භාරයට ගෙන තිබූ විදෙස් මත්පැන් බෝතල් තොගයක් අද වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිරීක්ෂණය කළා.

ඒ ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේ ගබඩා සංකීර්ණයේදීය.

එලෙස නීති විරෝධීව මෙරටට රැගෙනවිත් රේගු භාරයට පත්වූ විදෙස් මත්පැන් බෝතල් 18,765ක් එහි ගබඩා කර තිබෙනවා.

රුපියල් කෝටි 17කට අධික වෙළඳපොළ වටිනාකමක් සහිත මෙම මත්පැන් බෝතල් තොගය ඉදිරියේදී බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියකදී තරගකාරී මිලකට ලබා ගැනීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇමැතිවරයා එහිදී ජනමාධ්‍යය අමතමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

“මේ සඳහා අයවිය යුතු බදු මුදල කෝටි 14 ත් ඉක්මවා යනවා. මේකෙ වෙළෙඳපොළ වටිනාකම කෝටි 17 කටත් වැඩියි. මේවා හය වතාවකට පමණ ලංකාවට නීතිවිරෝධීව ගෙනල්ලා තියෙනවා. රේගුවේ විශේෂ විමර්ෂණ අවස්ථා වලදී අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තමයි මේ තියෙන්නෙ. ඒ සඳහා ඒ නිලධාරීන්ට අපි ස්තුතිවන්ත විය යුතුයි. රටට අහිමිවෙන්න ගිය කෝටි 17 ක් පමණ මුදල අපේ රටට රැකල දුන්නට. මෙච්චර කාලයක් මත්පැන් වාගේ අත්අඩංගුවට ගත් දෙයක් එහි වටනාකම අපට ගණනය කරන්න ක්‍රමවේදයක් අපට තිබුණේ නෑ. එහි ප්‍රමිතිය පිළිබඳව අපට ප්‍රශ්න තිබුණා. විශේෂයෙන්ම සුරාබදු කොමසාරිස්වරයා එක්ක කථාකරලා තරගකාරී වෙළෙඳපොළට මේක නිකුත් කරන්න රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමන් කටයුතු කරලා තියෙනවා. ඊළඟ වෙන්දේසියේදී බලපත්‍ර සහිත සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියේදී තරගකාරී මිලකට මෙම මත්පැන් බෝතල් ලබාගන්න පුළුවන්. ඒකෙන් රජයට අහිමිවෙන්න ගිය විශාල බදු මුදලක් නැවත රටට හිමිවෙනවා. ඒ වගේම මින් ඉදිරියට මේ වගේ දේවල් කරන්න බොහෝ අය පෙළඹවෙන එකක් නෑ මෙවැනි සොයාබැලීම් නිසා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: