hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 07, පෙ.ව. 10:33



ඉදිරියේදී වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේදී පළමුව විදුලි හා දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛතාවය හිමිවුණු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් වරයා සඳහන් කර සිටිනවා.

කොමසාරිස් ජෙනරල් වරයා කියා සිටියේ, ඒ පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් නිල වශයෙන් රජය මේ පිළිබඳව නිවේදනය කරනු ඇති බවයි.

මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති පැළ සිටුවීමේ අවස්ථාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් වරයා වැඩිදුරටත් පැවසුවේ, රාජ්‍ය ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩසටහන් ආරම්භ කර ඇති අතර මේ හරහා නාගරික ප්‍රදේශවල වායු විමෝචනය අවම වීමට උපකාරී වනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: