hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 11:36



තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ ආයොජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින්.

ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ “දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති ආයෝජන සඳහා වූ ආයෝජකයන් රඳවා තාබා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන” සහ ” ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුණු සේවා සමාගම් 100 වැඩසටහන” යටතේ ය.

ඒ අනුව රජය තීරණය කර තිබෙන්නේ සුදුසුකම් ලැබීමේ නිර්ණායක සම්පූර්ණ කළ ව්‍යාපෘතිවලට රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 30,000 නොඉක්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබා දීමටයි.

මේ සඳහා සුදුසුකම් ලැබීමේ නිර්ණායක ලෙස,”දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති ආයෝජන සඳහා වූ ආයෝජකයන් රඳවා තාබා ගැනීමේ හා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන” යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වගන්තිය යටතේ ලියාපදිංචිව වසර 05කට නොඅඩු කාලයක් ක්‍රියාත්මක වන සමාගමක්,ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවම එක්සත් ජනපද ඩොලර් මිලියන 03ක් වීම හා අවම රැකියා අවස්ථා 50ක් ඇති කිරීම ආදිය දක්වා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: