hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 10:22



දිවයින පුරා සහල් නිෂ්පාදකයින්ගේ සහල් එක්රැස් කර රුපියල් කෝටි දෙකකට ආසන්න අගරු චෙක්පත් ලබාදී ජනතාව භීතියට පත් කරගෙන සිටි මීගමුව හාල් සමීර නොහොත් ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් නමැත්තා විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි හා තියුණු ආයුධයක් සහ ජීව උණ්ඩ රැසක් සමග මිනුවන්ගොඩ කෙසෙල් කොටුව පට්ටඩුවන නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකාර පුද්ගලයා සමඟ එම නිවසේ තැන තැන සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත අංක සඳහන් කර නොමැති රිවෝල්වර 2ක්, චීනයේ නිෂ්පාදිත ශොට් ගන 01ක්, තහනම් කඩුවක්,මිලි මිටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10ක්, 0.38 වර්ගයේ ජීව උණ්ඩ 2ක් හා බෝර 12 ජීව උණ්ඩ 11ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශය සිදුකළ වැටලීමකදීයි.

සැකකාර පුද්ගලයාට එරෙහිව හා මුදල් වංචා කිරීම හා නීති විරෝධී කටයුතු රැසක් සම්බන්ධයෙන් නාඋල, මාරවිල , කුලියාපිටිය හම්බන්තොට හා මීගමුව හා මහව මහේස්ත්‍රාත් අධිකරණ වල නඩු රැසක් තිබෙන බවත්
බන්ධනාගාරගතව සිට ඇප මත සිටින්නේ බවක් සිටින බවත් පොලිසිය පවසයි.

ඊට අමතරව සැකකරු කටාන හා කොච්චිකඩේ ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදෙන අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: