hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 04, ප.ව. 3:22



හල්දුම්මුල්ල, උඩවේරිය වත්තේ, සන්වැලි වතුයාය ප්‍රදේශයේ දිය ඇල්ලක් අසල සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට ගිය 24 හැවිරිදි තරුණයෙකු දිය ඇල්ලට ඇද වැටී මිය ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සැප්තැම්බර් 2 වන දා තරුණයින් දෙදෙනෙකු උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය නැරඹීමට පැමිණ ඇති අතර එහිදී එක් තරුණයෙකු සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී පය ලිස්සා දිය ඇල්ලට ඇද වැටී ඇතැයි සැක කරන බවයි.

මිය ගිය තරුණයා ගුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හල්දුම්මුල්ල පොලිසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව සිදු කළ සෝදිසියේදී සිද්ධිය සිදු වූ ස්ථානයෙන් මීටර් 200ක් පමණ පහළින් වූ දිය වළක තිබී තරුණයාගේ මළ සිරුර ඊයේ (03) දින සොයා ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

හදිසි මරණ පරීක්ෂකගේ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: