hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අප්‍රේල් 14, පෙ.ව. 9:19



අද (12) සවස් කාලයේ බදුල්ලට ඇති වූ ධාරානිපාත වර්ෂාවත් සමඟින් බදුල්ල ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම අවස්ථාවේදී බදුල්ල පහලගම, පහලවත්ත ප්‍රෙද්ශයේ දී පුද්ගලයෙක් බදුලු ඔයේ සැඩ පහරට ලක්ව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බව බදුල්ල වාර්තා වෙනවා.

බදුලුඔය හරහා පහලවත්ත ප්‍රදේශයෙන් අනෙක් අන්තයට යාමට ඇති කුඩා කෝසුව මතදී මෙම සිද්ධිය සිදුව තිබෙනවා.

බදුලු ඔයේ ජල පහරත් සමගින් ගලාගෙන එනු ලබන පොල් ගෙඩි ඇහිලීමට මෙම පුද්ගලයා පුරුදුව සිටින බවයි එම පුද්ගලයාගේ බිරිද සදහන් කළේ.

එම අවස්ථාවේදී පය ලිස්සී මෙම සිද්ධිය සිදුවන්නට ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බදුල්ල පහලගම ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. තිලකරත්න නැමති අවුරුදු 59ක පුද්ගලයෙක්.

බදුල්ල පොලීසිය හා  ප්‍රදේශවාසීන් පුද්ගලයාගේ සිරුර සෙවීම ආරම්භ කලද තවම ඔහුව සොයා ගැනීමට නොහැකි වූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

(බදුල්ල – ජයලත් දිසානායක)