hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 31, ප.ව. 1:34



කොස්ගොඩ තාරක සහ ඔහු විසින් මෙහෙයවන ලද සංවිධානාත්මක අපරාධ කල්ලියේ ක්‍රියාකාරකම් නිසා කොස්ගොඩ, කොට්ටාව, මොරටුව, මාතර ඇතුලු ප්‍රදේශ ගණනාවක්ම අනාරක්ෂිත වුණා.

කොස්ගොඩ තාරක අවසන් වතාවට හිටියේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශ අත්අඩංගුවේ.

පසුව ඔහුව විශේෂ විමර්ශනයක් සදහා මීරිගම රේන්දපොල ප්‍රදේශයට.

එහිදී ඇතිවූ යම් නොසන්සුන්තාවයක් පාලනය කිරීමට පොලීසිය අවම බලය භාවිතා කිරීමේදී කොස්ගොඩ තාරකට වෙඩි වැදී මිය යනවා.

කොස්ගොඩ තාරකගේ ඇත්ත නම වන්නේ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර.

1987 උපත ලැබූ ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා.

කොස්ගොඩ තාරක විසින් සිදුකළ පළමු අපරාධය ලෙස පොලිස් පොත් වල සදහන් වන්නේ 2011 ජූනි 18 වනදා රාජ්‍ය බැංකුවකට ඇතුළත් වී ගිනි අවි පෙන්වා බය ගන්වා රුපියල් ලක්ෂ 23කට වැඩි මුදල්, රන්භාණ්ඩ සහ ගිනි අවියක් කොල්ලකෑම.

2018 ජූනි 22 වනදා මාතර සිදු වූ කුප්‍රකට ස්වර්ණාභරණ කොල්ලය කොස්ගොඩ තාරක විසින් මෙහෙයවන ලද්දක්.

මේ කොල්ලයේදී පොලිස් නිලධාරීයෙක් ද මරා දැමුවා.

කොස්ගොඩ තාරක අපරාධ මෙහෙය වූයේ විවෘත සමාජයේ ඉඳලා විතරක් නෙවෙයි.

මාතර කුප්‍රකට ස්වර්ණාභරණ මංකොල්ලය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නවා.

එසේ අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඔහුව රඳවා තැබුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ.

නමුත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත ව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන බවට තොරතුරු ලැබෙනවා.

වැලිසර මහබාගේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු හෙරොයින් කිලෝග්‍රෑම් 225ක තොගය පිටුපස ඉන්නෙත් කොස්ගොඩ තාරක.

2020 වසරේ කොළඹින් කොස්ගොස තාරකව බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට පියවර ගන්නවා.

හැබැයි ඔහුගේ අපරාධ, කියුම් කෙරුම් එතනින් නතර වුණා ද?

2015 මාර්තු 17 වනදා කොස්ගොඩ තාරක මොරටුවේ මූල්‍ය ආයතනයකට කඩා වැදුනා.

ගිනි අවි පෙන්වා එහිදීද මුදල් හා රන් භාණ්ඩ තොගයක් ඔහු කොල්ලකනවා.

ඒ විතරක් නෙමේ වෙඩිතබා මනුෂ්‍ය ඝාතන කිරීමට තැත් කළ අවස්ථා කිහිපයක් ද කොස්ගොඩ තාරකගේ අපරාධ ලයිස්තුවේ ඇතුළත්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: