2026 අප්‍රේල් 22, පෙ.ව. 11:49
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මැලේසියාව පදනම් කරගත් ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදන සමාගම සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
නිෂ්පාදන පිරිවැය දැඩි ලෙස ඉහළ යාම මීට ප්‍රධාන හේතුව වී ඇති බව එම සමාගම පවසයි.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, අමුද්‍රව්‍ය සැපයුම් දාමයට එල්ල වන බාධා හමුවේ ඉදිරියේදී මිල ගණන් 30%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බවයි.
වසරකට කොන්ඩම් බිලියන පහකට වඩා වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරන මෙම සමාගම, ගෝලීය සැපයුමෙන් සැලකිය යුතු පංගුවකට හිමිකම් කියයි.
විශේෂත්වය වන්නේ, 2026 වසරේ ගත වූ කෙටි කාලය තුළ පමණක් කොන්ඩම් සඳහා වන ගෝලීය ඉල්ලුම ද 30%කින් පමණ ඉහළ ගොස් ඇති බව එම සමාගම අනාවරණය කිරීමයි.
ඉල්ලුම ඉහළ යන පසුබිමක නිෂ්පාදන පිරිවැය ඉහළ යාම පාරිභෝගිකයන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54