hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 28, ප.ව. 11:51



ඉන්දියාව චීනය සමග දේශසීමා ගැටලුවක් පවතින ලදාක් ප්‍රදේශයට නව යුධ හමුදා ඩිවිශනයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

නැගෙනහිර ලදාක් ප්‍රදේශය ආරක්ෂා කිරීමට යොදවන මෙයෙ 72 වන ඩිවිශනය ලෙස නම් කර තිබෙනවා.

මෙම ඩිවිශනය ගොඩනැගීමේ යෝජනාව තරමක් අතීතයට දිවෙන්නක් වුවද එය ක්‍රියාවට නැගීමට තීරණය කෙරුණා 2020 දී චීනය සහ ඉන් දියාව අතර ඇතිවූ දේශසීමා ගැටුම්වලින් අනතුරුවයි.

ලදාක් ප්‍රදේශය මෙම දේශසීමා ගැටලුව තදබල ලෙස ඇති එක් ප්‍රදේශයක්. ඉන්දියාව මෙන්ම චීනය ද මෙම දේශසීමා ප්‍රදේශයේ හමුදා ශක්තිය වර්ධනය කරමින් සිටිනවා.