2024 මැයි 12, ප.ව. 9:04
යුක්රේනයේ ගුවන ආරක්ෂා කිරීම සඳහා නේටෝ රටවල ස්ථානගත කර ඇති ගුවන් ආරක්ෂණ පද්ධති යොදවාගැනීමට කටයුතු කළ යුතු යයි ජර්මනියේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිපදෙනෙක් පවසනවා.
මේ අනුව පෝලන්තයේ සහ රුමේනියාවේ ස්ථානගත කර ඇති ගුවන් ආරක්ෂණ පද්ධති මගින් බටහිර යුක්රේනයට එල්ල වන ඩ්‍රෝන ප්‍රහාරවලින් එම ප්‍රදේශය ආරක්ෂා කරගත හැකි බවයි ඔවුන් පවසන්නේ.
හරිත පක්ෂයේ අග්නියෙස්කා බෘගර් සහ ඇන්ටන් හොෆ්රයිටර්, නිදහස් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ මාර්කස් ෆේබර් සහ ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී එකමුතුවේ රොඩෙරික් කීස්වෙටර් මේ මන්ත්‍රීන් අතර වනවා.
කීස්වෙටර් පවසන්නේ මෑතකදී ඉරානය වෙතින් ඊශ්‍රායලය වෙත ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඊශ්‍රායලය ආරක්ෂා කරගැනීමට ඇමරිකාව ප්රමුඛ රටවල් කිහිපයක් ඉදිරිපත් වූ පරිද්දෙන්, මෙම ගැටුමට ඍජුව සම්බන්ධ නොවී යුක්රේනය වෙත සහය දීමට නේටෝ රටවලට හැකියාව ඇති බවයි.
මේ අතර තමන්ට ප්‍රමාණවත් ගුවන් ආරක්ෂණ පද්ධති නොමැති හෙයින් ඒවා ලබාගැනීම ගැන මුලින්ම අවධානය යොමු කළ යුතු බව ෆේබර් පෙන්වා දී තිබුණා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16
19-05-24
19-05-24
17-05-24
17-05-24
17-05-24
17-05-24
16-05-24
16-05-24
15-05-24
15-05-24
14-05-24
14-05-24
14-05-24
14-05-24
13-05-24
13-05-24
12-05-24
12-05-24
11-05-24
11-05-24
10-05-24
10-05-24
08-05-24
08-05-24