2022 අගෝස්‍තු 22, පෙ.ව. 9:52
ඉන්දියාවේ පැතිරෙන නව වෛරස උණ රෝගයක් පිළිබඳ එරට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
“ටොමැටෝ ෆීවර්” නොහොත් තක්කාලි උණ ලෙසයි මෙය නම් කර ඇත්තේ.
අත්, පා, මුඛ වෛරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය පරීක්ෂකයන් මෙය හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට කේරල, ඔඩීෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් මෙම වෛරසය හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
රෝගීවූ දරුවන් 200කට අධික සංඛ්‍යාවක් එම ප්‍රාන්තවලින් හදුනා ගෙන ඇතැයි සදහන් වෙනවා.
වෛරස ආසාධිතයන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක්‍රමයෙන් ඒවා කුඩා තක්කාලි ගෙඩියක ප්‍රමාණයකට විශාලවීම හේතුවෙන් ඉන්දියානුවන් මෙම උණ රෝගය තක්කාලි උණ ලෙස හඳුන්වන බව වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් අත්, පා, මුඛ රෝගවලදී මෙන්ම මෙම නව වෛරසයේදී ද රෝග ලක්ෂණ ලෙස අධික උණ, උගුරේ අසාධන, ඇඟපත කැක්කුම, සන්ධි ඉදිමීම සහ තෙහෙට්ටුව පෙන්නුම් කෙරෙනවා.
ඊට අමතරව කුඩා දරුවන් අතර වමනය සහ පාචනය ද දැකගත හැකියි.
2026 ජූනි 25, ප.ව. 11:59
2026 ජූනි 25, පෙ.ව. 10:33
2026 ජූනි 22, ප.ව. 2:28
2026 ජූනි 22, පෙ.ව. 11:03
2026 ජූනි 08, පෙ.ව. 11:01
23-06-26
23-06-26
19-06-26
19-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
15-06-26
15-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
27-05-26
27-05-26