hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 28, ප.ව. 8:23



වොලොදිමීර් සෙලෙන්ස්කිගේ ජනාධිපති ධුර කාලය පසුගිය සතියේ අවසන් වූ බැවින් ඔහු තවදුරටත් යුක්‍රේනයේ නිත්‍යනුකූල ජනාධිපති නොවන බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සඳහන් කරනවා.

ඔහු කියා සිටියේ යුක්‍රේනයේ නිත්‍යනුකූලව පවතින්නේ පාර්ලිමේන්තුව පමණක් බවයි.

ජනාධිපති සෙලෙන්ස්කිගේ ධුර කාලය මැයි 21 න් අවසන් වූ නමුත් හදිසි නීතිය යටතේ මැතිවරණ පැවැත්වීමට නොහැකිව තිබෙනවා. එරට අධිකරණ අමාත්‍යවරයා මෑතකදී කියා සිටියේ මේ තත්ත්වය මෙසේ පවතින තාක්කල් සෙලෙන්ස්කිගේ ජනාධිපති ධුරය වලංගු බවයි.

යුක්‍රේන නීතිය ප්‍රකාරව යුධ සමයකදී ජනාධිපතිවරණ පැවැත්වීමේ නොහැකියාව ගැන සඳහන්ව ඇතැයි තමා පිළිගන්නා බව පුටින් කියා සිටිනවා. එහෙත් එම නීතියෙහි, පවතින ධුර කාලය දිගු කිරීම පිළිබඳ සඳහනක් නොවන බවයි පුටින් කියා සිටින්නේ.