hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 12, පෙ.ව. 7:46



කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින ආයතන අටක් ඒකාබද්ධ කොට ආයතන හතරක් බවට පත් කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එකම විෂයක් සම්බන්ධයෙන් පවතින ආයතන ඒකාබද්ධ කොට ලබන වසරේ සිට එක් සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.

රජයේ වියදම් කළමනාකරණ ප්‍රතිපත්ති යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් අදාල ආයතනවල වියදම සියයට 50කින් පමණ අඩුවනු ඇතැයි ඔහු කියා සිටියා.

අදාළ තීරණය ජනාධිපතිවරයාගේ ද පැසසුමට ලක් වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව මිල්කෝ සමාගම සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ අනුරාධපුර පසු අස්වනු තාක්ෂණික ආයතනයත්, ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමත්, ලංකා හදබිම අධිකාරිය සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයත් මෙලෙස ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: