hit counter

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා

2025 ජනවාරි 25, පෙ.ව. 12:09



අන්තර්ජාලය ඔස්සේ දිනයක් වෙන්කර ගෙන එම දිනයට පැමිණීමෙන් එදිනම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.

අද දිනයේදී කෙනෙකු දිනයක් එසේ වෙන් කරගත්තහොත් ඔහුට හෝ ඇයට විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකි දිනය සඳහා ජුනි 27 වැනිදා ලැබෙනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ පණයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

“මාර්ගගත ක්‍රමය මගින් දිනයක් වෙන්කරවා ගත හැකි අතර එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අද දිනයේ දිනයක් වෙන් කර ගන්නේ නම් නිදසුනක් හැටියට කියන්න පුලුවන් ජූනි 27 තමා ලැබෙන දිනය.. දළ වශයෙන් කියන්න පුලුවන්.. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට දිනයක් ගත්තාම දළ වශයෙන් මාස 05ක් පමණ ඉදිරියට තමයි දිනයක් ලැබෙන්නේ.

එහෙත් මෙම වෙන්කර ගත් දිනට ප්‍රථම හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් විදශෙ ගමන් බලපත්‍රයක් ලබාගන්න අවශ්‍ය නම්, ඒ ඕනෑම අයෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. ඒ සඳහා දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කරලා තියෙනවා කමිටුවක්. කමිටුවට ඇවිල්ලා ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවය තහවුරු කරගෙන එදිනටම විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: