hit counter

2025 ජනවාරි මස 20 වන සඳුදා

2025 ජනවාරි 21, පෙ.ව. 12:04



ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව සෑම දෙනාම කටයුතු කරන අයුරු නොපෙනෙන බව තමා අවංකව ප්‍රකාශ කරන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා මේ තත්වය ගැන සතුටු නොවන බවද සඳහන් කළා.

පැය 24 ම වැඩ කරන්නේ යැයි පැවසූ විට සමහර අංගනවල වැඩ අලුයම තුනයි විස්සට කලින් නතර වෙන බවත් පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම සුදානම් කර ලොරි එනතුරු සිටි බවත් රත්නායක මහතා පැවසුවා.

නැව් ආයතනවල පිරිස් පැමිණ භාණ්ඩ නිදහස් කර ගනීවි යැයි බලාපොරොත්තු වූවද හොඳ සහයෝගයක් නොලැබෙන බව පැවසු බිමල් මහතා පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන්ද එතරම් සහයෝගයක් නොලැබෙන බව අවධාරණය කළා.

මෙම වැඩපිළිවෙළට කවුරුත් දායක වන්නේ නොමැති නම් රටට ඇත්ත කියනා බව පැවසු බිමල් මහතා ආණ්ඩුව කැපවෙනවා නම් අනෙක් අයත් කැපවිය යුතු බව සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ වරායේ තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසුමකදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: