hit counter

2026 මැයි මස 24 වන ඉරිදා

2026 මැයි 25, පෙ.ව. 12:19



ඩොලර් අගය ඉහළ ගිය ද රටේ පාලනය භාර දෙන්නේ සජිත් ප්‍රේමදාසට ද, නාමල් රාජපක්ෂට ද නැතහොත් දිලිත් ජයවීරට දැයි බිමල් රත්නායක මහතා ප්‍රශ්න කර සිටියි. 

ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය කාලයේ ඩොලරය 325, 335, 345 ආදී වශයෙන් ඉහළ යන විට ඇතැම් පිරිස් මහත් උනන්දුවකින් ඒ දෙස බලා සිටි බව ඔහු පෙන්වා දුන්නේය. 

කෙසේ වෙතත්, රජය ගෙන යන නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට ඩොලරයේ අගය රුපියල් 334 දක්වා පහත වැටී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මුදල මෙම මස 27 වනදායින් පසුව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, එම මුදල ලැබීමෙන් පසු ඩොලරයේ අගය තවදුරටත් පහත යනු ඇති බවත් රත්නායක මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

“ඩොලර් එක 375ට ගියා කියමුකෝ, මොකද කරන්නේ? සජිත් ප්‍රේමදාස මහත්තයට ද රට දෙන්නේ? නාමල් රාජපක්ෂ මහත්තයට ද? දිලිත් ජයවීරට ද?” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය. 

 පෙර පැවති තත්ත්වය සහ වත්මන් පාලනය යටතේ සිදු වෙමින් පවතින වෙනස පිළිබඳව ද ඔහු මෙහිදී අවධාරණය කළේය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: