hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 19, පෙ.ව. 12:02



අනුරාධපුර පොසොන් උලෙළට සහභාගි වන බැතිමතුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් විශේෂ බස්රථ සේවාවක් ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

අනුරාධපුරය, තන්තිරිමලේ, මිහින්තලය පුජනිය නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මකයි.

ඊට අමතරව සිතුල්පව්ව පූජා භුමිය හා කතරගම ඇතුළු අනෙකුත් පූජා නගර ඉලක්ක කර ගනිමින් ද බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය බස් රථ යෙදවීමට කටයුතු සැලසුම් කර තිබෙන බව සඳහන්.

මෙහිදී මධ්‍යම බස්රථ කාර්යාලය, මහනුවර ප්‍රධාන බස් නැවතුම්පල, කුරුණෑගල ප්‍රධාන බස් නවතුම්පොලෙහි සිට පැය 24 පුරා ආවරණය වන පරිදි අනුරාධපුරය දක්වා බස්රථ යෙදවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහව, ගල්ගමුව, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, මැදවච්චිය හා කැකිරාව යන නගර වල සිට අඛණ්ඩ සේවාවක් අනුරාධපුරය හා මිහින්තලය ආවරණය වන පරිදි බස් රථ යොදවන බවයි වාර්තා වන්නේ.

දුම්රියෙන් පැමිණෙන බැතුමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර නගරය දක්වා ශ්‍රී ලංගම බස්රථ සේවාවක් දුම්රිය කාල සටහන් අනුව ක්‍රියත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන්.

ඒ සඳහා අවශ්‍ය බස්රථ මහව, ගල්ගමුව, හා වාරියපොළ, ශ්‍රී ලංගම ඩිපෝ මඟීන් යෙදවීමට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සුපුරුදු පරිදි ධාවනය වන බස්රථ කාල සටහන් වලට අමතරව අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය දක්වා යොදවා ඇති අතිරේක බස්රථ ප්‍රමාණය 400ක් පමණ බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරනු ලබන්නේ.

මෙම බස්රථ සේවාවන් ජුනි මස 20 වන දින පස්වරුවේ සිට ආරම්භ වෙන අතර ජුනි මස 24 වන දින පෙරවරුවෙන් අවසන් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: