hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 3:33



ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය  සුරේන් රාඝවන් මහතා  පැවසුවා.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය  සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

වසර හතරකට පසුව මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රමාණය  63%කින් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද රාඝවන් මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: