hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 7:58



විශ්වවිද්‍යාලන් හී නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් මහතා රාඝවන් සඳහන් කළා.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රාත්‍රී 12 ත් අළුයම 5 ත් අතර කාලයේ නවක වදය වැඩි වශයෙන් සිදුවන බවට ලැබුණු තොරතුරු අනුව මෙම තීරණයට එලැබි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල විනය ආරක්ෂක බලධාරීන් හා ශිෂ්‍ය උපදේශකයන් මෙම පරීක්ෂාවන් සඳහා යොදවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා විශ්ව විද්‍යාල හී නවක වදය වැළැක්වීම උදෙසා ජාතික කමිටුවක්ද පත් කරනු ලැබ ඇතැයි සඳහන් කළා.

නවක වද සිද්ධි පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්ද හඳුන්වාදී ඇති අතර (076-5 453 454) එම අංකය සඳහාද පැමිණිලි ලැබීමෙන් පවතින බව ඔහු පැවසුවා.

මෙම අංකයට ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කඩිනම් විමර්ශන පවත්වන බව ද ඔහු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: