hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 30, ප.ව. 12:25



ඉන්ධන මිල වැඩිවිම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව වලක්වා ගැනිමේ අරමුණින් දුම්රිය ගාස්තු ඉහල දැමිමට අමාත්‍ය මණ්ඩලය තිරණය කළද දුම්රිය බලපත්‍ර හිඟ ආදායම රුපියල් අසු හතර කෝටි අසුතුන් ලක්ෂතිස්හතර දහස් අටසිය අසුවක් (848,334,880) බව දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වනවා.

බලපත්‍ර 01 ආදායම යටතේ අවුරුදු 23කටත් පෙර සිට පැවත එන රුපියල් හත්ලක්ෂ හැටනම දහස් එකසිය අනු හතරක මුදලක් ද මේ අතර වන බව දැක්වෙනවා.

එම මුදල අය කර ගැනිමට නොහැකි වී ඇති අතර හිඟ ආදායම යටතේ අයවිය යුතු රුපියල් අසුහතර කෝටි හැත්තෑපන් ලක්ෂ හැටපන්දහස් හයසිය අසුහයක මුදලින් (847,565,686) සියයට 55ක්ම වර්ෂ 05ක් ඉක්මවු හිඟ මුදල් බවද විගණන වාර්තාවේ සදහන්.

1980 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා සැම වර්ෂයක් තුලම නොසැපයු භාණ්ඩ සදහා ද දුම්රිය දෙපාර්තමේන්තුව මගින්  ගොවිම් කර ඇති බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

කෙසේවුවද ගෙවිම් කරණු ලැබු මුදල් වලින් සියයට 40ක් එනම් රුපියල් 31,900,907ක මුදල ගෙවිම්කොට ඇත්තේ (2016-2020) ඉකුත් වර්ෂ පහක කාලයක් තුල බවද විගණන වාර්තාවේ සදහන්.

2020 වර්ෂයේ අවසානය වනවිට නිරවුල් නොවු ණයවර ලිපිවල වටිනාකම රුපියල් 594,378,058ක්.

මෙකී ණයවර ලිපි නිරවුල් නොවිමට හේතු විගණනයට ඉදිරිපත් වී නොමැති අතර මිලියන 207කට වඩා ඇති මෙම ගෙවිම් සපයා නොමැති භාණ්ඩ සදහා සැපයුම්කරුවන් වෙත ගෙවා ඇති මුදල්ද යන්න විගණනයටද ප්‍රශ්නයක් වී තිබෙනවා.

මෙකී ප්‍රශ්නගත සිද්ධිය සම්බන්දයෙන් නිසි විමර්ශනයක් කර මෙම ණයවර ලිපි නිරවුල් කිරිමට පියවර ගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: