hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 අගෝස්‍තු 04, ප.ව. 3:55



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනුකර ඇති පීතෘත්වයට අදාළ නඩුව අද (04) කොළඹ දිසා අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී පැමිණිලිකාර පාර්ශවය විසින් ඉල්ලා සිටි DNA පරීක්ෂණය සඳහා රුධිර සාම්පල ලබාගැනීමේ නියෝගය නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

චාමික කරුණාරත්නගෙන් DNA සාම්පලයක් ලබාගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිලිකාර පාර්ශවය අපොහොසත් වී ඇති බව අධිකරණය මෙහිදී පෙන්වා දී තිබේ.

රසිකා සෙව්වන්දි නමැති ගුවන් නියමුවරිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, ඇය පවසන්නේ තමන්ගේ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවයි. දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

DNA පරීක්ෂණ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ දිසා අධිකරණය, මෙම නඩුව නැවත ඔක්තෝබර් 09 වනදා කැඳවීමට නියම කළේය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: