2026 ජූලි 02, පෙ.ව. 12:10
වත්මන් පාලනය තුළ මුදල් වංචා සිදු නොවූ බවට තමන් ප්‍රකාශ නොකරන බවත් එල්ල වන ඕනෑම චෝදනාවක් යටපත් නොකර ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා ආණ්ඩුවද පිරිසිදු විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
රජයේ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුව ඇති චෝදනා සහ ක්‍රමවේදයේ වෙනස පිළිබඳව වැඩසටහන් පූර්වකයා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, චෝදනාවක් එල්ල වූ සැනින් ඉතා කෙටි කාලයක් තුළ ප්‍රබල කොමිෂන් සභාවක් පත් කර ඕනෑම පොදු වැසියෙකුට සාක්ෂි සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට දීර්ඝ කාලයක් ලබා දී ඇත්තේ එම විනිවිදභාවය තහවුරු කිරීමට බවයි.
පසුගිය ඉතිහාසය දෙස බැලීමේදී වැරදි සහ වංචා දේශපාලන, මැර හෝ මුදල් බලයෙන් යටපත් කළද වත්මන් පාලනය යටතේ අද සිදුවන දේට අදම ක්‍රියාමාර්ග ගන්නා බවද චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
එමෙන්ම ආන්දෝලනයට ලක්වූ කන්ටේනර් සිද්ධිය පිළිබඳවද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම වරින් වර ඇති වූ තදබදයන් හමුවේ යම් තාක්ෂණික ක්‍රියාවලියක් ඔස්සේ කන්ටේනර් නිකුත් කිරීමේ පටිපාටියක් පැවති බව කමිටු වාර්තාවලින් පැහැදිලි වන බව ප්‍රකාශ කළා.
නමුත් රජය එම සිදුවීම් යටපත් නොකර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මඟින් විමර්ශන ආරම්භ කර ඇති අතර, ගල්අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන්ද විපක්ෂයට සහ මහජනතාවට සාක්ෂි දීමට අවස්ථාව සලසා ඉදිරි දිනයන්හිදී සාක්ෂි කැඳවීම් සිදු කරන බව ද මන්ත්‍රීවරයා පැවසුවා.
එමෙන්ම ඩොලර් මිලියන 2.5ක අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් එහි වැරැද්ද සිදුවූයේ කොතැනද, වැරදිකරු කවුද සහ එම මුදල් නැවත අය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව රජය සාපේක්ෂව සොයා බලන බව චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා සඳහන් කළා.
අමාත්‍යවරුන් හෝ මන්ත්‍රීවරුන් ඍජුවම ආයතන තුළ වැඩ නොකරන අතර රාජ්‍ය යාන්ත්‍රණය තුළ ලක්ෂ ගණනක නිලධාරීන් පිරිසක් සේවය කරන බැවින් ඔවුන් සැමගේ අවබෝධය සමාන නොවීම නිසා විවිධ අඩුපාඩු සිදුවිය හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙනවා.
එමෙන්ම ඔහු පවසන්නේ, මහජනතාව, මාධ්‍ය හෝ වෙනත් පාර්ශ්වයක් මතු කරන ඕනෑම කරුණක් යටපත් නොකර සාකච්ඡාවට ගැනීම සහ විශේෂ බලතල සහිත කමිටු පත් කිරීම ජනතාව අපේක්ෂා කළ ක්‍රමවේදයේ වෙනසේ ආරම්භය බවයි.
මේ අතර ඩොලර් බිලියන 2.5ක මුදල් වංචාවක් පිළිබඳව බාහිර සංවිධානයක් අනාවරණය කරන තෙක් රජය දැනුවත්ව නොසිටියේද යන්න පිළිබඳව වැඩසටහන් පූර්වකයා විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ එම අදහස නිවැරදි නොවන බවයි.
අදාළ සංවිධානය කථානායකවරයාට ලිපියක් යැවීමට ප්‍රථම නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ගේ විෂය පථයට අදාළ වගකීම් ප්‍රකාරව මූලික කටයුතු ආරම්භ කර තිබූ බව ඔහු පවසනවා.
ඒ අනුව අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ග මෙන්ම අපරාධ පරීක්ෂණ අංශ වෙත පැමිණිලි කරමින් නීතිමය පියවර රැසක් ගනිමින් පැවති බවද චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළා.
අතීතයේදී රටට අහිමි වූ බිලියන ගණනක මුදල් පිළිබඳවද වෙන්ව පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පැවසූ චන්දන සූරියආරච්චි මහතා, වත්මන් රජයේ සීමාව ඇතුළත යම් නිලධාරියෙකු අතින් හෝ වෙනත් පාර්ශ්වයකින් සිදුවන අක්‍රමිකතාවලදී රජයක් ලෙස ගත හැකි උපරිම සාධනීය පියවර ගන්නා බව මෙහිදී කියා සිටියා.
ඒ අනුව පරීක්ෂණ සිදු කිරීම රජයේ මතය අනුව සිදු නොවන බවත්, අමාත්‍යවරයෙකු ලෙස ගත යුතු ප්‍රතිපත්තිමය තීන්දු සහ දිය යුතු නිසි මඟ පෙන්වීම් නොපිරිහෙළා ඉටු කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 6:21
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:23
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:12
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:58
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26