2026 මැයි 16, පෙ.ව. 12:17
හිමිකරුවකු නොමැති මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුළු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා විරෝධතාවෙහි නිරත වූයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය කණ්ඩායම බව චරිත් අබේසිංහ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊට සම්බන්ධ නොමැති බවයි.
මෙයට පෙර බැසිල් රාජපක්ෂගේ බව ප්‍රකාශ කළ අදාළ නිවාස අරගල සමයේ ගිනිබත් කළේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට කලහකාරීන් කැඳවූ කණ්ඩායම බවටද ඔහු චෝදනා කරයි.
මෙම නිවස සිසුන්ට ලබාදීමේ වරදක් නැති වුවද එම නිවසට ගිනි තැබූ අයම සිය පක්ෂයේ ශිෂ්‍ය කණ්ඩායම් ලවා විරෝධතා කරවා මෙම ඉඩම පවරා ගත් පසු එම දේපොළ නැවත ප්‍රතිසංස්කරණය කරන්නේ පැලවත්තේ සල්ලිවලින්ද නැතහොත් ජනතාවගේ බදු මුදලින්දැයි චරිත් අබේසිංහ ප්‍රශ්න කරයි.
2026 මැයි 16, පෙ.ව. 12:22
2026 මැයි 16, පෙ.ව. 12:18
2026 මැයි 16, පෙ.ව. 12:18
2026 මැයි 16, පෙ.ව. 12:14
2026 මැයි 16, පෙ.ව. 12:13
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26