2026 මැයි 11, ප.ව. 1:44
උණ රෝගී තත්ත්වයක් පැතිර යාම හේතුවෙන් අද (11) සහ හෙට දිනවල දරුවන් උපකාරක පන්තිවලට යොමු කිරීමෙන් වලකින ලෙස සෞඛ්‍ය බලධාරීන් මාතර – දෙනියාය අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම රෝගී තත්ත්වය හේතුවෙන් වසා දැමූ දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතර හෙට සහ අනිද්දා දිනයේද තවදුරටත් වසා තැබීමට බලධාරීන් අද තීරණය කර ඇත.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් මෙලෙස වසා තැබීමට නියමිතය.
මේ අතර, දරුවන් අතර පැතිර යන උණ රෝගය පිළිබඳව විශේෂ පරීක්ෂණ සඳහා කොළඹින් පිටත්ව ගිය වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
රෝගය තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසද බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26