2024 ජූනි 28, පෙ.ව. 12:02
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා වාර්තා කැඳවන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සදහන් කරයි.
එම වාර්තා අනුව මූලික වාර්තාවක් සකස් කර සති දෙකක් තුළ ජනාධිපති කාර්යාලයට ලබාදෙන ලෙසද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව එම ගංවතුර ගැටළු විසඳීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සදහන් කරයි.
ඉදිරියේදී නැවත ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩසටහන් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙන බවද සාගල රත්නායක සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු හඳුනා ගෙන ඊට විසඳුම් සෙවීම සඳහා රේඛීය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී සාගල රත්නායක මේ බව සදහන් කරයි.
2026 ජනවාරි 07, ප.ව. 2:18
2026 ජනවාරි 07, පෙ.ව. 10:29
2026 ජනවාරි 07, පෙ.ව. 8:36
2026 ජනවාරි 07, පෙ.ව. 8:27
2026 ජනවාරි 07, පෙ.ව. 12:30
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26