hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 9:46



අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ යටතේ පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතුයි.

ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගත යුතු බවට ද එම ගැසට් නිවේදනයේ කොන්දේසි පනවා තිබෙනවා.

එමෙන්ම භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ ප්‍රමාණය පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය සහ වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තමා ගත යුතු බවට ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

එසේ කොන්දේසිවලට යටත් කර ඇති භාණ්ඩ අතර සහල්, තිරිගු පිටි, බිත්තර, පරිප්පු, ටින්මාළු, කිරිපිටි, සුදුළුණු, කුකුල්මස්, මුං ඇට, අර්තාපල්, වියළි මිරිස් සහ සීනි ආදී ආහාර ද්‍රව්‍ය ඇතුළත්.

එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති, ගඩොල්, වැලි, වානේ, මෝටර් රථ අමතර කොටස්, පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආදිය ද අදාළ ගැසට් නිවේදනය මගින් කොන්දේසිවලට යටත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: