2022 ජූනි 16, ප.ව. 3:17
රාජ්‍ය සේවකයන්ට සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනු ලැබුවත් සතියේ වෙනත් දිනයක් රජයේ නිවාඩු දිනයක් වුවහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය දිනයක් ලෙස සළකා කාර්යාල විවෘත කළ යුතු බවද එහි සඳහන්.
පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කරගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලය යෙදවීම සීමා කිරීමට අදාළව සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන 24 වන සිකුරාදා සිට රාජ්‍ය නිලධාරීන්ට නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතුවල යෙදීමට අවස්ථාව සළසා දී තිබෙනවා.
මාස 3 ක කාලයක් සඳහා සෑම සතියකම සිකුරාදා දිනයේ නිවසේ රැඳී සිටිමින් ආහාර භෝග වගා කිරීමට ඒ අනුව අවස්ථාව සැළසෙනු ඇති.
එම චක්‍රලේඛය පහතින්,


2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08