hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 12:29



ඔස්ට්‍රේලියාවේදී ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවලට නිවැරැදිකරු බව සිඩ්නි අධිකරණයක් විසින් අද තීන්දු කිරීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා.

ලිංගික අපයෝජන චෝදනා එල්ල වීමෙන් පසු පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් “තීන්දුවෙන් සියල්ල කියැවෙනවා” යනුවෙන් ධනුෂ්ක කියා සිටියා.

“පසුගිය මාස එකොළහ මට අමාරුයි. මම මගේ කළමනාකරුට, මගේ නීතිඥවරුන්ට, විශේෂයෙන්ම මුරුගන් තංගරාජ්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට උදව් කරපු ඔස්ට්‍රේලියාවේ ඉන්න හැමෝටම, මගේ දෙමාපියන්ට වගේම ලංකාවේ සමහර අයටත් මම ස්තුතිවන්ත වෙනවා. හැමෝම මාව විශ්වාස කළා, ඒක මට ගොඩක් වටිනවා” ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

එම තීන්දුවෙන් සියල්ල පැවසෙන බව යළි යළිත් අවධාරණය කරමින් “විනිසුරුවරයා කවුද බොරු කිව්වේ, නැත්තේ කවුද කියලා“ පවසා ඇතැයි ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් කියා සිටියා.

“මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා. ආපහු ගිහිං ක්‍රිකට් සෙල්ලම් කරන්න මට තියෙන්නේ බලා සිටිය නොහැකි තරමේ ආසාවක්” ඔහු පැවසුවා.

“I’m happy that my life is normal again. I can’t wait to go back and play cricket”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: