hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 17, ප.ව. 7:14



ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නිතී විරෝධි බව ක්‍රිකට් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවයි.

ධනිෂ්කගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙරට අධිකරණය තුළ නඩුවක් පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මතය ක්‍රිකට් ආයතනය විසින් නොවිමසූ බවයි රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අද (17) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: