hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූනි 18, පෙ.ව. 12:02



ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කරනවා.

ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙලෙස සූදානම් කරන බවද ඔහු කියා සිටියා.

අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වෙනවා.

මේ අතර ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම සඳහන් කරන අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව රත්නායක මහතා කියා සිටින්නේ.

එමෙන්ම දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: