hit counter

2026 ජූලි මස 21 වන අඟහරුවාදා

2025 මැයි 14, පෙ.ව. 12:21



අර්බුදයට ලක්ව ඇති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේදී සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂය බහුතරයක් සිටින ප්‍රාදේශීය සභාවල, නිල නොවන පක්ෂ ලෙස සභා පිහිටුවීමට සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය යුතු බව ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව නිල නොවන පක්ෂ සභාවක් ලෙස පිහිටුවීමෙන් රටට ආදර්ශයක් ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

ඔහු පවසන්නේ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ මාලිමාව වෙත ආසන 17ක් පමණක් ලැබී ඇති අතර විපක්ෂයට මුළු ආසන 21ක් හිමිව ඇති බැවින් සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ මෙම සභාව පිහිටුවිය හැකි බවයි.

තම ධුර කාලය තුළ කිසිදු වංචාවක හෝ දූෂණයක නිරත නොවන බවට සියලුම සභාපතිවරුන් සහ සාමාජිකයින් ප්‍රතිඥාවක් දිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: