2024 ඔක්තෝබර් 08, ප.ව. 12:55
නෙළුම් කුලුනේ 29 මහලේ සිට 03 වන මහලට පැන ඊයේ සියදිවි හානිකරගත් පාසල් සිසුවිය වයස අවුරුදු 16 ක් වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිස් විමර්ශනවල දී හෙළිදරව් වී තිබේ.
ඇය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් වන අතර පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත ගොස් 29 වැනි මහලෙන් පැන සිය දිවි හානිකර ගෙන ඇති බව පොලීසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම පාසල් සිසුවිය මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියකි. එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවටත්, ඇයගේ පියා විසින් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
2024 නොවැම්බර් 11, පෙ.ව. 12:12
2024 නොවැම්බර් 11, පෙ.ව. 12:08
2024 නොවැම්බර් 11, පෙ.ව. 12:08
2024 නොවැම්බර් 11, පෙ.ව. 12:07
2024 නොවැම්බර් 11, පෙ.ව. 12:04
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
10-11-24
10-11-24
10-11-24
10-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24