hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:27



ගොවි ගැටලු සම්බන්ධව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනයේදී ඊයේ (20) පැවැත්වුණු ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ රැස්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ දේවානි ජයතිලක නිලධාරිනිය, තමන්ට අදාළ ප්‍රශ්න ඇත්නම් වහාම යොමු කර ඇයව මෙම රැස්වීමෙන් නිදහස් කරන ලෙස පැවැසීම නිසා ගොවි සංවිධාන නියෝජිතයෝ ඇයට දැඩි විරෝධතාවක් එල්ල කළා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ මෙම රැස්වීමට දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි සංවිධාන සභාපතිවරු සහභාගි වී සිටියා.

ඒ ඒ දිස්ත්‍රික්කවලට බලපාන ගොවි ගැටලු සම්බන්ධව මෙහිදී ගොවීහු අදහස් පළ කළහ. ඒ සඳහා රාජකාරිමය වශයෙන් සහයෝගය පළ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි වනජීවී, වන සංරක්ෂණ, වාරිමාර්ග, මහවැලි ආදි සියලු ආයතනවලින් එම අමාත්‍යාංශ භාර ලේකම්වරු විසින් තම නියෝජිතයන් සහභාගි කරවා තිබෙනවා.

ඊයේ (20) පෙරවරු 08.00ට ආරම්භ වූ මෙම රැස්වීම පස්වරුව දක්වාම පැවැති අතර, පඬුකරඳ ශාකය සම්බන්ධ සිදුවීමේදී මින් පෙර ආන්දෝලනාත්මක චරිතයක් වූ දේවානි ජයතිලක මහත්මිය ද වනජීවී අමාත්‍යාංශය වෙනුවෙන් සහභාගි වී සිටියා.

තමන්ට ප්‍රමාද වන බව කියමින් ගොවීන්ට කඩිනමින් ගැටලු ඉදිරිපත් කරන්නැයි එහිදී ඇය හඬ නඟන්නට වීමත් සමඟ ඇය නියෝජනය කරන ආයතනය පිළිබඳ ඇමැතිවරයා ද විමසීමක් කළා.

මෙහිදී දේවානි මහත්මියට විරුද්ධත්වය පළ කළ ගොවීන් ඇය රජයේ සේවිකාවක බවත් ඇය වැටුප් ලබන්නේ මහජන මුදලින් බවත් දුරකතර ගෙවා කාලය, ශ්‍රමය, තම මුදල් වැය කරමින් තමන් පැමිණියේ රට වෙනුවෙන් බවත් කියමින් ඇයට විරුද්ධත්වය ප්‍රකාශ කළා.

ඉන්පසු ගොවීන්ගේ විරෝධය හමුවේ ඇය රැස්වීමෙන් පිටව ගියා.

මෙහිදී අදහස් පළ කළ ඇමැති මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ රාජ්‍ය සේවකයන් මෙන්ම මේ රටේ සැම කෙනෙක්ම බඩගින්න නිවා ගන්නේ ගොවි ජනතාව නිසා බව සිහියේ තබාගත යුතු බවයි.

ගොවි ගැටලු විසඳාලීම සඳහා අමාත්‍යාංශ මඟින් නම් කර එවන නිලධාරින් අදාළ රැස්වීම අවසන් වනතෙක් රැඳී සිටීමට වගබලාගත යුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: