hit counter

2024 දෙසැම්‍බර් මස 09 වන සඳුදා

2024 අගෝස්‍තු 24, පෙ.ව. 12:05



යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා සඳහන් කළේ ය.

මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා නව ක්‍රම වේදයක් හදුන්වා දෙන අතර එම සියලු කටයුතු මෙම වසර අවසන් වීමට පෙර සිදු කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මෙම අදහස් පළ කළේ, ස්ථාවර රටකට – සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ය.

මෙරට පළමු රියදුරු බලපත්‍රය නිකුත් කළ 1960 දශකයේ සිට මේ දක්වා රියදුරු බලපත්‍ර මිලියන 12.3 ක් පමණ නිකුත් කර ඇති බව ද රංජිත් රූබසිංහ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා මෙසේද පැවසීය.

“මෙරට පළමු රියදුරු බලපත්‍රය නිකුත් කරනු ලැබුවේ 60 දශකයේදීයි. එතැන් සිට මේ දක්වා රියදුරු බලපත්‍ර මිලියන 12.3 ක් පමණ නිකුත් කර තිබෙනවා. මේ අතරින් 60 දශකයේ නිකුත් කළ රියදුරු බලපත්‍ර සඳහා කල් ඉකුත් වන දිනයක් නොමැති බැවින් එම බලපත්‍ර අලුත් කිරීමකින් තොරව භාවිතා කළ හැකිව තිබෙනවා. එබැවින් රියදුරු බලපත්‍ර ලාභීන් මිලියන 2කගේ පමණ තොරතුරු යාවත්කාලීන වී නැහැ.

ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු සේවාවන් ඩිජිටල් ල්කරණය කිරීම මේ වන සිදු කෙරනවා. එසේම ඉදිරියේදී රියදුරන් සඳහා හඳුන්වා දීමට නියමිත අසාදු ළකුණු හා ස්ථානීය දඩ ගෙවීමට අදාළ කටයුතු ද ඩිජිටල් කරණය කිරීමේ ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතිනවා..”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: