hit counter

2024 නොවැම්‍බර් මස 05 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:04



ජනාධිපතිවරයාට දක්වන සහයෝගයක් ලෙස ඩඩ්ලි සිරිසේන පාලන මිලට සහල් දෙනවා යැයි ප්‍රචාරය කළ ද එහි යටි අරමුණ කුඩා සහල් මෝල් හිමියන් නැත්තටම නැතිකර සහල් අලෙවිය පිළිබඳ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම බව මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් පවසයි.

ඩඩ්ලි සිරිසේන ළඟ අඩු මිලට ලබාගත් වී තොග විශාල ප්‍රමාණයක් තිබෙන හෙයින් ඒවා සහල් කර පාලන මිලට විකිණීමෙන් ඔහුට පාඩුවක් නොව ලොකු ලාභයක් ලබාගත හැකිවන බව ද බී.කේ. රංජිත් පෙන්වා දෙයි.

ඔහු සහල් පාඩුවට අලෙවි කරනවා යැයි පැවසීම අසත්‍යයක් වන අතර ලබන ජනවාරි මස 20 දින දක්වා පාලන මිලට සහල් අලෙවි කළහොත් කුඩා ව්‍යාපාර සියල්ල වැසී ගොස් ඔහු වෙළෙඳපොළේ එකම සහල් ව්‍යාපාරිකයා බවට පත්වනු ඇත.

මෙම තීන්දුව ගැනීමට පෙර ඩඩ්ලි සිරිසේන නිව්රත්න සහ නිපුණ යන සහල් ව්‍යාපාරිකයන් සමඟ හෝ තමා වැනි කුඩා මෝල් හිමියන් සමඟ සාකච්ඡා නොකළ බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ රජය කළ යුතු වන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පමණක් නොව සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ගේද පිරිවැය සලකා බලා දෙකොටසටම සාධාරණ උපරිම මිලක් පැනවීම වන අතර, නමට පමණක් පාලන මිලක් පැනවීම විහිළුවක් බව හෙතෙම ප්‍රකාශ කළේය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: