2024 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:07
ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට ඡන්දපළේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි ලේඛන වර්ග 9ක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිකුත් කළ වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ පූජ්‍ය, පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හෝ ආබාධිත තැනැත්තන් වෙනුවෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත ඡන්ද ප්‍රකාශ කිරීමට ඉදිරිපත් කළ යුතු වෙයි.
ඉහත හැඳුනුම්පත් කිසිවක් නොමැති ඡන්ද දායකයන්ට ඡන්දපළේදී ඡන්ද පත්‍රිකාව නිකුත් නොකරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එමෙන්ම අපැහැදිලි හැඳුනුම්පත්, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මගින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත්, ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේදී නිකුත් කරන කුවිතාන්සි ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිම ලියකියවිල්ලක් ඡන්දපළේදී පිළිනොගන්නා බවද කොමිසම සඳහන් කරයි.
2026 ජූනි 30, ප.ව. 4:27
2026 ජූනි 30, ප.ව. 3:01
2026 ජූනි 30, ප.ව. 1:15
2026 ජූනි 30, ප.ව. 1:01
2026 ජූනි 30, පෙ.ව. 11:15
27-06-26
27-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
20-06-26
20-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26