hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 05, ප.ව. 1:45



විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් කරමින් පවසන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බවයි. 

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බවයි.

එමෙන්ම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10 වැනි දා ට පෙර Online ඔස්සේ එම පහසුකම සලසා ඇති බවයි.

WWW.DONETS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබා ගත හැකි වේ.

මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙන්නේ, සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 474,147 කි.

මධ්‍යස්ථාන 3663කදී ලබන 17 වැනි දා සිට 26 වැනි දා දක්වා විභාගය පැවැත්වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: