2026 ජූනි 05, පෙ.ව. 12:25
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කෙරෙන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව නව පරම්පරාවේ ප්‍රවණතා සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් නව්‍යකරණය කළ යුතු බවයි.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසුවේ සංශෝධනය කිරීමට නියමිත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ ව්‍යුහය සහ සහතිකකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් හා නිර්දේශ ලබාගැනීම සඳහාය.
මෙම සාකච්චාවේදී උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු මූලික නිර්ණායක සහ එමඟින් උසස් අධ්‍යාපනය සඳහා විවෘත වන නව ප්‍රවේශ මාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මීට අමතරව ක්‍රමවත් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියක් ඔස්සේ මෙම විෂය ධාරාව හදාරන සිසුන්ට පිළිගත් වෘත්තීය ජීවිතයක් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීමේ වැදගත්කම ද වෘත්තීය විෂය ධාරාවට වැඩි වටිනාකමක් ලබාදීම සඳහා නිසි තේරීම් ක්‍රමවේදයක් යටතේ සිසුන් ඇතුළත් කර ගැනීම අවශ්‍ය බවද පැවසුවාය.
උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරමින් පාර්ශ්වික ඇතුළත් වීම් (Lateral Entry) ක්‍රමවේදයක් ද හඳුන්වා දිය යුතු බව ද වෘත්තීය අධ්‍යාපනයේ සමාජීය හා ආර්ථික වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ එමඟින් බිහිවන රැකියා අවස්ථා පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දුන්නාය.
මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න බණ්ඩා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2026 ජූනි 05, පෙ.ව. 12:19
2026 ජූනි 05, පෙ.ව. 12:17
2026 ජූනි 05, පෙ.ව. 12:17
2026 ජූනි 05, පෙ.ව. 12:14
2026 ජූනි 05, පෙ.ව. 12:13
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26
04-06-26