hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2026 අගෝස්‍තු 10, පෙ.ව. 9:41



විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහ­ත්මිය විසින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කරන බව සඳහන් කළ බව වාර්තා වේ.

ඒ අනුව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 20 වැනි දින ආරම්භ කර 25 වැනි දින වන විට අවසන් කිරීමට නියමිත බව සඳහන්.

එසේම විභා­ගය සඳහා සිංහල මාධ්‍ය­යෙන් අය­දු­ම්ක­රු­වන් 220,366 ක් ද, දෙමළ මාධ්‍ය­යෙන් අය­දු­ම්ක­රු­වන් 73,723ක් ද ලෙස සමස්ත වශ­යෙන් අය­දු­ම්ක­රු­වන් 294,089 ක් පෙනී සිටි බවත් ශිෂ්‍යත්ව විභා­ගය සඳහා සම්බ­න්ධී­ක­රණ මධ්‍ය­ස්ථාන 488ක් සහ ප්‍රාදේ­ශීය එක්රැස් කිරීමේ මධ්‍ය­ස්ථාන 32ක් පැවැති බවත් ඇය සඳහන් කර ඇත.

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය ඊයේ (09) දින විභාග මධ්‍ය­ස්ථාන 2,723කදී පැවත්වූ අතර කිසිදු ගැට­ලු­ව­කින් තොරව විභා­ගය පැවැත්වූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: